සමහර වෙලාවට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ(VIDEO)

July 8, 2021 at 2:01 PM

රජයේත් තමාගේත් ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත්, ඇතැම් විට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කිරීමට සිදුවෙනු ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

අද (08) උදෑසන සිය අමාත්‍යධූරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ එම අමාත්‍යාංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ,

“මේක ලොකු අමාරු කාර්යයක්. අපි අභියෝගය භාරගනිමු. අපි සියලුදෙනාම එකට වැඩකරමු කියන ඉල්ලීම කරමින්, අපේ අමාත්‍යාංශයේත් අපේ රජයේත් ඒ වගේම මගෙත් ප්‍රමුඛතාවය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන්. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවයන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ රජයේ සියලුදෙනාට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක් ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණත් අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා. ඒකට සහයෝගය දෙන්න.“