අමාත්‍ය බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයේ දිවුරු දෙයි

July 8, 2021 at 10:07 AM

නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වන අසුන වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ 07 වන සහ 08 වන අසුන් වෙන් වන්නේ අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාටයි. ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයාට දකුණු පසින් පිහිටි අසුන හිමිවනවා.