හයිටි ජනපතිව ඝාතනය කෙරේ

July 7, 2021 at 4:34 PM

හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් සඳහන් කර සිටියේ.

එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.