බැසිල්ගේ නම ගැසට් කරයි

July 7, 2021 at 12:18 PM

බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (06) පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන්ය.

අද උදෑසන රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට ගැටලුවක් නොමැති බවට නිගමනය කිරීමෙන් අනතුරුව ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කෙරුණා.