බොලිවුඩයේ ප්‍රවීණ නළු දිලිප් කුමාර් අභාවප්‍රාප්ත වෙයි

July 7, 2021 at 9:39 AM

පුරා දශක පහකට අධික කාලයක් හින්දි සිනමාව ඔපවත් කළ ප්‍රවීණ නළු දිලිප් කුමාර් අද උදැ උදෑසන මිය ගොස් තිබෙනවා. මේ බව ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිණුමේද සටහන්ව තිබුණා.

හොලිවුඩ් සිනමාවේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත් රංගන ශිල්පියා ලෙස සැලකෙන දිලිප් කුමාර් මිය යන විට 98 හැවිරිදි වියේ පසුවුණා.

ටික කලක් රෝගාතුරව සිටි දිලිප් කුමාර්ගේ රෝගී තත්ත්වය පසුගිය වසරක පමණ කාලය තුළ තරමක් උත්සන්නව තිබූ බවයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට පාකිස්ථානයට අයත් ව ඇති පෙෂාවර් ප්‍රදේශයේදී 1922 වසරේදී උපත ලද දිලිප් කුමාර් බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රිය වූ ”දේව්දාස්, මෝගල්-ඊ-අසාම්, ගංගා යමුනා,මධුමතී,ක්‍රාන්ති,විදාතා,ශක්ති සහ මාෂාල් යන චිත්‍රපටවල සිය රංගන කුසලතාව ප්‍රකට කළා.