ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රි සාගර කාරියවසම්ට අනුව ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමට හේතුව වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරහා පාර්ලිමේන්තුවට පිවිසිමටයි.