ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි වශයෙන් මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද අදහස් පලකර සිටියා.
” මේ අවස්ථාවේ රජය වැඩිපුර මුදල් අච්චු ගැහුවට සාමාන්‍ය වශයෙන් මේ රටේ ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒ රටේ තිබෙන තත්ත්වය නිසා.
මෙය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි. නුතනයේ රටවල්වල මෙය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මුදල් අච්චු ගැසීම, මුල්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරනවා. මුදල් අච්චු ගසන්නේ ජනතාව මතට වැඩි බරක් පටවන්නේ නැතුව සියලු දෙනාට වැඩ කටයුතු සිදුකර ගෙන යෑමට අවස්ථාව සකසා දීමටයි. මෙය ශ්‍රී ලංකාවේ පමණක් සිදුකරන දෙයක් නොවෙයි” මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.