ජපානයට ආ සර්බියානු ඔලිම්පික් ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිත වේ. ඔලිම්පික් උළෙලට සති තුනයි.

July 4, 2021 at 4:41 PM

ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙනඇත.

ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ සති තුනකටත් අඩු කාලයකි.

මෙලෙස කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ සර්බියානු ඔරුපැදීමේ කණ්ඩායම් සාමාජිකයෙකු වේ.

 

ඔහුව මේ වනවිට හුදෙකලා  කර ඇති අතර  කණ්ඩයමේ සෙසු සාමාජිකයින් සිව් දෙනා වෙනම නවාතැන් ගැන්වීමට කටයුතු යොදා තිබේ.