අත්‍යාවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩවලට ආනයන වැටක් – මව්බිම පුවත්පත වාර්තා කරයි

July 3, 2021 at 2:31 PM

සුඛෝපභෝගී සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම කෙරෙහි මේ වන විට රජයේ දැඩි අවදානය යොමු වී ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා කර සිටිනවා.

ඒ අනුව ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, සුවඳ විලවුන් හා ආලේපන ආදී භාණ්ඩ ගණනාවක ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයිද වාර්තා වේ.

රටේ විනිමය සංචිතය ශක්තිමත් වනතුරු විදේශ විනිමය රට තුළ රඳවා ගැනීම මෙන්ම දේශීය නිෂ්පාදකයින්ට මෙරට වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබාදීම යන කාරණා මෙහිදී සැලකිල්ලට බඳුන් වී තිබෙන බවද වාර්තා වේ.

එමෙන්ම මෙරටේ විනිමය සංචිතය ශක්තිමත් වීමෙන් අනතුරුව ලිහිල් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් අවදාරණය කළේ.