ඉන්දියාවෙන් ලොව පුරා පැතිරුණ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටවල් 100ක පමණ පැතිර ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අද මේ බව සිය දෛනික ප්රවෘත්ති සාකච්ඡාවේදි සඳහන් කළේය.
ලොව පුරා සියලු රටවල් ලබන වසරේ මේ කාලය වනවිට වත් තම ජනගහණයෙන් 70% ක් එන්නත්කරණය කර තිබිය යුතුයි.
කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර වර්ධන අදියර පාලනය කළ හැකිවන්නේ එවිටයි
මෙය සිදුකිරීම අභියෝගයක් වනබවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
නමුත් ප්‍රධාන රටවල් සෙසු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් එය සාර්ථක කරගතහැකිබව ඔවුන් පවසති.
මේ වනවිට ලොව පුරා බිලියන තුනක් එන්නත් මාත්‍රා බෙදාහැරඇති බවත් සඳහන් ය.
මේ අතර ඉන්දියාවේ කොවිඩ් ආශ්රිත මරණ 400,000 ඉක්මවූ බවද වාර්තා වේ.
ඉන් අඩක් හෙවත් දෙලක්ෂයක් මරණ වාර්තා වන්නේ ගතවූ දෙමස තුළ වීමද විශේෂත්වයකි .