ඉන්ධන මිල හැකි පළමු අවස්ථාවේ දීම අඩුකරනවා – ඇමති කෙහෙලිය කියයි.

June 29, 2021 at 10:51 AM

ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය ඉතා සංවේදී බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සඳහන් කලේය.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ හැකි පළමු අවස්ථාවේ දීම ඉන්ධන මිල පහත හෙලීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ගේ මැදිහත්වීමක් අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය .

අදාල මාධ්‍යවේදියා ප්‍රශ්න කලේ ඉන්ධන මිල අඩු කිරීම බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණ අමාත්‍ය වරයෙකු ලෙස පත් වූ පසු සිදුවන බවට දේශපාලන ක්ෂෙත්‍රයේ මතුව ඇති කථාබහ පිලිබඳව යි.

එය අදාල දේශපාලන නියෝජිතයන් ගේ මතයක් පමණක් බවද කෙහෙලිය අමාත්‍ය වාර්තා පැවසීය.