පුද්ගලයින් දෙදෙනෙකුව “ලී කොට මත තබා ඇණ” ගැසූ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

June 28, 2021 at 4:10 PM

පසුගිය දා මහනුවර, බලගොල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුව ලී කොට මත තබා ඇණ ගසා හිංසා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳව බලගොල්ල පොලීසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනාව නිවසට ගෙන්වා ගැනීමෙන් අනතුරුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට එම පුද්ගලයින් දෙදෙනාව ලී මත තබා ඇණ ගසා තිබෙන බව පොලීසිය පැවසීය.

එම සිද්ධිය ඉකුත් 25වනදා සිදුව තිබෙන අතර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනවලදී සිද්ධිය අනාවරණය වී තිබේ.