“වවුලන්” ගැන රජයේ පශු වෛද්‍ය සංගමයෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

June 27, 2021 at 9:50 PM

මෙරට වවුලන්ට කොරෝනා යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සතුන් තුළ කොරෝනා වෛරසය පැවතීම පශු වෛද්‍ය විද්‍යාවට එතරම් අලුත් කාරණාවක් නොවන බවත් 1930 වර්ෂයේ සිට සතුන් තුල විවිධ වර්ගයේ කොරෝනා වෛරස් ප්‍රභේද වාර්තා වී ඇති බවත් සතුන්ගෙන් වෛරසය මිනිසාට සම්ප්‍රේෂණ වන බව මේ වන තෙක් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි රජයේ පශු වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ.

එම නිසා සතුන් තුළ කොරෝනා වෛරසය පැවතිම පිලිබඳව ජනතාව අනියත වශයෙන් බියට පත් නොවිය යුතු බවයි එම සංගමය අවධාරණය කර සිටින්නේ.

මේ හේතුවෙන් අහිංසක සත්ව කොට්ඨාසයක් වන වවුලන්ට හානි සිදුනොකරන ලෙස රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

No photo description available.