මම වගේ 100ක් හිටියා නම් මේ රටම ගොඩ දාන්න පුළුවන් – ධම්මික පෙරේරා (VIDEO)

June 26, 2021 at 2:20 PM

මම වගේ 100 දෙනෙකු හිටියා නම් මේ රටම ගොඩ දාන්න හැකියාව ලැබෙනු ඇති බවට දිවයිනේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ රටේ ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකියාව ඇති ව්‍යාපාරිකයින් සියදෙනෙකු සිටීම ශක්තියක් වනු ඇති බවයි.

එමෙන්ම අද වන කොට ඉංග්‍රීසි භාෂාවේ දැනුම නොමැති නම් ඉදිරියේදී කිසිදු කාර්යාලයක රැකියාවක් ලබා ගැනීමට නොහැකිවනු ඇති බවද ඔහු කියා සිටියා. තමන් ව්‍යාපාරිකයෙකු ලෙස පිං කරන්නේ ස්මාර්ට් ලෙසට බවයි ඔහු කියා සිටියේ.

ලහිරු මුදලිගේ සමග ව්‍යාපාරික ධම්මික පෙරේරා සිදුකළ සම්මුඛ සාකච්ජාව පහතින් දැක්වේ..