කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වුණ එම්.එස්.සී. මෙසීනා බහාලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා.
නෞකාව සිංගප්පූරුව දෙසට ඇදගෙන යාමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. මෙයින් ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුවන්නේ නැති බවයි සමුද්‍රීය පරිසර අධිකාරිය සදහන් කරන්නේ.
කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480 ක් දුරින්, මුහුදු කලාපයේදී යි එම්.එස්.සී. මෙසීනා නෞකාවේ ගින්න හට ගෙන ඇත්තේ. නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන තිබෙනවා. මේ අසලින් ගමන් ගන්නා නෞකාවලට ගින්න නිවීම සදහා සහයෝගය ලබා දෙන ලෙසට දැනුම් දුන් බව නාවික හමුදාව සදහන් කළා.
ලයිබිරියානු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවෙහි කාර්ය මණ්ඩලය 28 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සදහන් කළා. කෙසේවෙතත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සෙවීම් හා ගලවා ගැනිමේ මුහුදු කලාපයෙන් ඉවතට මේ වන විට නෞකාව ඇදගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය සදහා කොළඹ පිහිටි සාගරික ගලවා ගැනීම් සම්බන්ධීකරණ කාර්යාලයට භාර කෙරෙනවා.