කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පවසනවා.
කිරින්ද, මහ රාවණා හි සිට නැගෙනහිර දෙසට වන්නට පිහිටි නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු කලාපයේදී මෙම නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවට අද අලුයම දැනුම් දී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.