හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වනු ලැබුවා.
” පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අසාධාරණයක් සිදුවූවා. එයට ඇති හොඳම සාක්ෂිය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් එය පැහැදිලිව තහවුරු වන බවද” අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියා.
මේ හේතුවෙන් දුමින්ද සිල්වාට ලබාදුන් දුන් තීන්දුව සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන පවතින බව ද නාමල් රාජපක්ෂ පවසා සිටියා.
“දුමින්ද සිල්වා ඇතුළු බොහෝ වැරදිකරුවන්ට ජනාධිපතිවරයා අද සමාව ලබා දුන්නා. එය ඉතා සාධනීය තත්ත්වයක් ලෙසයි මම දකින්නේ” මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
මිනීමැරුමකට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද පෙරවරුවේ ජනාධිපති සමාවක් ලබා දෙන ලදී. ඔහු නිදහස් කිරීමෙන් පසු හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරුවේ බන්ධනාගාර රෝහලෙන් පිටව ගියේය