දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවෙයි

June 24, 2021 at 11:27 AM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට අධිකරණය විසින් මරණ දඬුවම ලබාදුන්නා.

මේ අතර පොසොන් පොහෝය නිමිත්තෙන් තවත් සිරකරුවන් 93 දෙනෙකුට ජනාධිපති සමාව හිමිවූ අතර ඉන් 16 දෙනෙකු හිටපු LTTE සංවිධානයට සම්බන්ධව සිටි සාමාජිකයින් වනවා.