හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබූ රුපියල් 90,000ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් 30ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව දුරකථන අංක 09ක ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් අදාළ දුරකථන සමාගම්වලින් කැදවීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පොලීසියට නියෝග කර තිබෙනවා.
ඉදිරි විමර්ශන සඳහා එම දත්ත අවශ්‍ය බවට හබරාදූව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනුයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් එන්නත් ප්‍රවාහනය කළ රථයේ රියදුරු, එන්නත් භාරව ගිය පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ සුළු සේවකයෙකු ඇතුළු දස දෙනෙකුගෙන් පමණ මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
( ගාල්ල අධිකරණ – ෆර්හාන් නිසාම්දින්)