ජංගම දුරකථන සංඥා සඳහා බාධා එල්ලවී ඇති හේතුව ඇමති නාමල් හෙළි කියයි

June 21, 2021 at 5:39 PM

විදුලි සංදේශ සමාගම් තම පුද්ගලික න්‍යාය පත්‍රයන් සපුරාලීම සඳහා සම්ප්‍රේෂණ කුළුණු තැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඥා වලට බාධාවක් වී ඇති බව ඩිජිටල් තාක්‍ෂණ ‍අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ මේ හේතුවෙන් විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බවත් රට තුළ ජංගම දුරකථන සංඥා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි.

සම්ප්‍රේෂණ කුළුණු රැසක් පසුගිය වසරවල ඉදිකර ඇති නමුත් ඒවා කිසිවක් ජාතික සැලැස්මට ඇතුළත් කර නොමැති බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම විදුලි සංදේශ සමාගම් සමඟ ඒකාබද්ධ කුළුණු බෙදා ගැනීමේ සංකල්පය හඳුන්වා දෙමින් දිවයින පුරා ජංගම දුරකථන සංඥා ලබා දීම ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ අරමුණ බව ඔහු පවසා සිටියා.

මේ ආකාරයේ සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම් දැනටමත් ආරම්භ කොට තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, පළමු කුළුණ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන බව ද කියා සිටියා.

මෙවැනි සම්ප්‍රේෂණ කුළුණු 49ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකිරිමට යෝජනා වී ඇති බවත්, තවත් කුළුණු 10ක් මාතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට මේ වසරේ සැලසුම් කර ඇති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ.

මෙමගින් ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවය මත 4G සහ 5G අන්තර්ජාල පහසුකම් ලබාදීමේ හැකියාව ලැබේ.

මෙය ඩිජිටල් තාක්‍ෂණ අමාත්‍යාංශයේ
ඉතා දීර්ඝ කාලීන සැලැස්මක් බවයි ඔහු කියා සිටියේ.