ක්‍රෙඩිට් කාඩ් වංචාවකට චීන ජාතිකයෙකු සහ සිව්දෙනෙකු අත්අඩංගුවට

June 21, 2021 at 10:19 AM

ව්‍යාජ කෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ සපයන ආයතනයක් විසින් කළ පැමිණිල්ලක් මත එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

අදාළ පුද්ගලයින් ඔන්ලයින් ක්‍රමවේදය අනුව කෙඩිට් කාඩ්පත් මඟින් භාණ්ඩ ඇණවුම් කර පසුව එම ගාස්තු අයකර ගැනීමට යෑමේ දී එම කාඩ්පත්වල මුදල් නොමැති බවට අනාවරණය වී තිබේ.

මේ අනුව සිදුකළ විමර්ශනයක දී අදාළ පුද්ගලයින් විසින් ව්‍යාජ කෙඩිට් කාඩ්පත් සකස් කරන බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍ය හා ව්‍යාජ කෙඩිට් කාඩ්පත් 30ක් පමණ සොයාගෙන ඇති බව ද පොලීසියි පැවසීය.

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා භාණ්ඩ අදාළ පුද්ගලයින් විසින් නැවත අලෙවි කිරීමක් ද සිදුකර ඇතැයි වාර්තා වේ.

අදාළ සැකකරුවන් විසින් දින දෙකක් තුළ දී රු 787,000ක මුදලක් වංචාකර ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ,  සැකකරුවන් මහනුවර, වරකාපොළ හා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් චීන ජාතිකයාගේ සහය මත ඔවුන් එම ව්‍යාජ කෙඩිට් කාඩ්පත් සකස් කර ඇති බවයි.

සැකකරුවන් සිව්දෙනා අද (21) දින ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.