කොවිඩ් 19 වයිරසය ආසාදනයවීමෙන් වැළැකීමට භාවිත කරන මුව ආවරණ (Mask) වෙනුවට Face Shield එකක් භාවිත කිරීමේ වැරදි පූර්වාදර්ශයක් සමාජය තුළ පැතිරෙමින් තිබීම නැවත කොවිඩ් ව්‍යාප්තවීමේ අවධානමක ලකුණක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සඳහන් කර සිටිනවා.
පිරිසිදු මුව වැස්මක් වෙනුවට Face Shield එක පමණක් භාවිත කිරීමෙන් වයිරසයෙන් ආරක්ෂා වීම කොහෙත්ම සිදුනොවන්නේ යැයිද වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.
Face Shield එක භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිසුදු මුව ආවරණයක් ද භාවිත කිරීම වයිරසයෙන් ආරක්ෂාවීමට අත්‍යවශ්‍ය බවද හෙතෙම පැවසුවා.
ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් Face Shield එක පමණක් භාවිත කිරීමේ වැරදි පූර්වාදර්ශය සමාජයට ලබාදෙමින් පවතින්නේ යැයිද එසේ වුවහොත් ජනතාව එය අනුකරණය කිරීම නිසා වසංගතය නැවත ව්‍යාප්ත කිරීමක් සිදුවන්නේ යැයිද වෛද්‍යවරයා පැවැසුවේ.
මුව ආවරණය සහ Face Shield යන දෙකම භාවිත කිරීමෙන් වයිරසයෙන් ආරක්ෂා විය හැකි බවත් බ්‍රිතාන්‍ය ඇල්ෆා ප්‍රභේදයට අමතරව ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවිය හැකි මෙවැනි අවස්ථාවක කොවිඩ් වළක්වා ගැනීමේ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම අනිවාර්ය බවත් හෙතෙම කියා සිටියේ.
( උපුටා ගැනීම : අරුණ පුවත්පත)