පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබෙනවා. මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙන් කෙරුනු එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
සැකකරු එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ජාඇළ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක් බවත් එම පුද්ගලයා ද මානසික ආබාධයක් හේතුවෙන් එහි නේවාසිකව සිට ඇති බව පොලීසිය පැවසුවේ.
ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී අදාළ සැකකරු විසින් අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන ස්වාමීන් වහන්සේට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබේ.
එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර ඇත්ද යන්න සහ ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ද පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලීසිය සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරයි.