රජය පෙරලිම සඳහා කටයුතු කරමින් සමාජ මාධ්‍යජලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරිමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටත් සැම අවසන් ඉරුදිනකම ගාල්ල පොලිසියේ පෙනි සිටින ලෙසටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (17) සවස නියෝග කලේය.
තවද විමර්ශන අවසන් වන තුරු එම ෆේස්බුක් ගිණුම තාවකාලිකව යවත්කාලින නොකරන ලෙසටත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අක්මිමණ තොටගොඩ පදිංචි සුමුදු වෛද්‍යරත්න නමැති 28 හැවිරිදි තරුණයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මුහුදු බත්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවද රජය විසින් ගෙන්වාගෙන ගිල්ලවා ඇති බවට සැකකරු සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇති බවය.
ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අනුව සහ පරිගණක අපරාධ නීතිය අනුව කරුණු වාර්තාකරන බවත් මෙම සැකකරු සම්බන්ධ පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඔහුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් සාක්ෂි ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසිය. ඒ අනුව මෙම සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය
ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු පලකර තිබේද යනුවෙන් මෙහිදි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවිට කියා සිටියේ එවැනි දේ පලකර නොමැති බවය
මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ෆේස් බුක් ගිණුම තමාගේ නමින්ම ඇති එකක් බවට සැකකරු පිළිගත්තේය
මෙහිදි සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතඥවරු කියා සිටියේ තම සේවා දායකයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන වගන්තිය භාවිතා කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිම සම්බන්ධයෙන් සහ කොරෝනා වසංගතයයේදි රජය දිගින් දිටම අකාර්යමක්ෂව කටයුතු කර ඇති බව පලකිරිම මිස කිසිදු අසත්‍ය තොරතුරක් ප්‍රකාශයට පත්කර නැති බවය. එනිසා සැකකරුට ඇප නියම කරන ලෙසද නිතිඥවරු ඉල්ලා සිටියහ.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කලේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.සේනාරත්න මහතා පැමිණිල්ල මෙහෙයවු අතර සැකකරු වෙනුවෙන් විශ්වනාථ අරඹේවෙල සහ රජින්ද්‍ර නාරංගොඩ යන නිතිඥවරු පෙනි සිටියහ.
වැඩිදුර විභාගය ජුලි 29වනදිනට කල් තැබින