කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙවැනි පර්යන්තය ඉදිකිරීම නිසා කැපීමට නියමිතව තිබු ගස් 419ක් නව තාක්ෂණය භාවිතය සහ සැලැස්ම වෙනස් කිරීම මත රැකගන්නට ක්‍රියා කර ඇතැයි ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම පවසනවා.
ඉන් ගස් 219ක් තිබෙන ස්ථානයේම සංරක්ෂණය කෙරෙන අතර තවත් ගස් 200ක් ”root balled” ක්‍රමය භාවිතයෙන් වෙනත් ස්ථානයක නැවත සිටුවීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව බලශක්තිය ඉතිරි කිරීම සහ කාර්යක්ෂම ජල පරිහරණය වැනි පරිසර හිතකාමී ක්‍රම අනුගමනය කෙරේ.
VIDEO :