මාර්ගගත ක්‍රමයට මත්පැන් විකිණීම අලෙවි කිරීමට අවසර ලබා නොදීමට තීරණය කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මාර්ගගත ක්‍රමයට මත්පැන් විකිණීම සම්බන්ධයෙන් ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඊයේ සිය අවසරය ලබා දුන්නා.
කෙසේ වුවත් සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන කමිටුවේ අවසරය ලබා ගන්නා ලෙසයි මුදල් අමාත්‍යාංශය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා තිබුනේ.
ඒ අනුව එම මාර්ග ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර නොදීමට කොවිඩ් මර්ධන කමිටුව විසින් තීරණය කර ඇති බවයි එම කමිටුවේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මේ අතර මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඊයේ රජයෙන් ඉල්ලීම් සිදුකර තිබුණා.