පොලිසියට තර්ජනය කළ අඹුසැමි යුවල (වීඩියෝ)

June 16, 2021 at 8:09 PM

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා.

පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින් ඔවුන්ගේ රාජකාරියට බාධාකළ යුවලව මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී මත්පැන් ජාවාරමේ යෙදෙන බවට සැක කෙරෙන පුද්ගලයා මුගුරක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ අතර ඔහුගේ බිරිඳ උදැල්ලක් අතැතිව සිටිය බවයි පොලිසිය සඳහන් කර සිටියේ.