අද පස්වරු 4.30 -4.45ත් අතර කාලයේදී පස්සර, ලුණුගල ප්‍රදේශයේ ජනතාවට සුළු භූචලනයක් සිදුවූ බවට තමන් වෙත දැනුම් දුන් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධස්ථානය සඳහන් කර සිටිනවා.
ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී රිච්ටර් මාපකයේ එක්ක 2කට අඩුවෙන් යුත් සුළු භුචලනයක් සිදුව ඇති බවට පල්ලෙකැලේ, මහකනදරාව සහ හක්මණ ප්‍රදේශයේ පිහිටි භූකම්පන මාපකවල සටහන්ව ඇති බව එහි ප්‍රකාශකයෙකු තහවුරැ කර සිටියා.
භුචලනයේ ප්‍රමාණවත්වය කුඩා බැවින් එය සිදුවූ ස්ථානය සම්බන්යෙන් නිශ්චිත ලෙස තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.