කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කර සිටියා.
කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහබැංකු නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කරනු ලැබුවා.
මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මුල්‍ය ණය පහසුකම් ලබා ගත් ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු විය.
එහිදී ණය මුදල් අය කර ගැනීමේ දී ණය කරුවන් මුහුණ දෙන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
වාරික ගෙවීමේදී පොලිය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලිය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
ණය ලබා දීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වූ බවයි අගමැති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනේ.