ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙනන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 602ක් හඳුනා ගෙන ඇත.
මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක් , කළුතර දිස්ත්‍රික්කයෙන් 113ක් ලෙස වාර්තා වී තිබේ.
මේ අතර ඊයේ දිනයේ දී කුරුණෑගල ආසාදිතයින් 270ක්, නුවරඑළිය 119ක්, රත්නපුර 119ක් හා මඩකලපුවෙන් 222ක් ලෙස වාර්තා වු බව ද කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
විදේශ ගතව පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.