කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීම ජූනි 6 වන දින සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ දිනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද (08) ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.