සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දීමනා වැඩි නොකර වෛද්‍යවරුන්ගේ පමණක් අමතර සේවා දීමනාව වැඩි කිරීමට ගෙන ඇති තීරණයට ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තිය සමිති බල මණ්ඩලය විරෝධය පළ කර සිටිනවා.
කොවිඩ් රාජකාරිවල යෙදෙන අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද දීමනාව ලබා දීමට කටයුතු කරන බවට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය වෘත්තිය සමිති සමග මැයි මස 12 වැනි දින පැවැත් වූ සාකච්ඡාවේ දී පොරොන්දු වී තිබේ. එහෙත් එම එකඟතාවය කඩ කරමින් සෞඛ්‍ය සේවාවේ සාමුහිකත්වය බිඳ දමමින් වෛද්‍යවරුන්ට පමණක් අමතර සේවා දීමනා ලබා දීම ගැටලුවක් බව ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තිය සමිති බල මණ්ඩලය අවධාරණය කර සිටිනවා.
හෙද, පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ දී ඊයේ විශේෂ රැස්වීමක් පවත්වා ඇත.
හෙට දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් ලබන සිකුරාදා (11) රටපුරා රෝහල් ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරීමට මෙහි දී තීරණය කර ඇත. වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සිදු කරමින් මහජනතාව අපහසුතාවට ලක් කිරීමේ අපේක්ෂාවක් වෘත්තිය සමිතිවලට නොතිබුණු බවත්, වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයේ වගකීම අමාත්‍යාංශය භාරගත යුතු බවත් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩල සභාපති රවි කුමුදේශ් කියා සිටියේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් හෙට (09) පස්වරු 4.00ට සියලු වෘත්තිය සමිති සමග සෞඛ්‍ය ඇමැතිවරිය සාකච්ඡා කිරීමට නියමිත බවයි.