ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව පැය 02ක් පොලිස් මාර්ග බාධකයක රඳවා ගනියි

June 7, 2021 at 1:38 PM

ශ්‍රී ලංකා ගුවන්විදුල් සංස්ථාවේ සභාපති ජයම්පති හීන්කෙන්ද, රාජකාරි කටයුතු අවසන් කර කොළඹ සිට මහනුවරට ඊයේ පැමිණෙමින් සිටියදී ඔහුගේ නිල රථය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කඩුගන්නාව මාර්ග බාධකයේදී නවතා සභාපතිවරයාට මහනුවරට ඒමට ඉඩ නොදී පැය දෙකක පමණ කාලයක් රඳවා තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තමන් ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා බවට අනන්‍යතාව පැහැදිලිව පෙන්වා දී තිබියදීත් මෙම පොලිස් නිලධාරියා පැය දෙකක පමණ කාලයක් තමන්ට මහනුවර බලා යෑමට ඉඩ නොදුන් බවත් මේ නිසා පල්ලෙකැලේ පොලිසිය හා සම්බන්ධ වී ගුවන්විදුලි සංස්ථාව මගින් එදින පස්වරුවේ සජීවීව විකාශනය කිරීමට සැලසුම් කර තිබූ රතන සූත්‍ර දේශනා වැඩසටහනට නියමිත වේලාවට සහභාගි වීමට නොහැකි වූ බවත් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ.

පවතින සංචරණ සීමා අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා අතර මාධ්‍ය ආයතනද පවතිද්දී ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට මෙලෙස මාර්ග බාධකය පසුකර යෑමට ඉඩ නොදීම ගැටලුකාරී තත්ත්වයක් බව මාධ්‍ය සංගම් පෙන්වා දෙයි.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.