ශ්‍රී ලංකා පොළිසියට අවශ්‍යව සිටින මිනිමැරුම් චෝදනා ලබා සිටින හා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු වන කුඩු අංජු නම් පුද්ගලයාගේ ඥාතී සහෝදරයෙකු වන 27 හැවිරිදි පුද්ගලයෙකු හා ඔහුගේ 24 හැවිරිදි බිරිඳ ඊයේ රාත්‍රියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතුරුගිරිය පොළිසියේ කොට්ඨාශ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි ඔවුන් සතුව තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්25ක්, මුදල් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගනිණු ලබන යන්ත්‍ර 03ක්, ජංගම දුරකතන 3ක් සහ මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා ලැබෙන දුරකතන ඇමතුම් මත පිළියන්දල, කොට්ටාව, අතුරුගිරිය සහ මහරගම ප්‍රදේශවලට ගොස් එකතු කරගන්නා මුදල් රැගෙන ඇවිත් නැවත ලැබෙන දුරකතන ඇමතුම මත ගෙන ගොස් බාරදීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.
මීට දින 03 කට ඉහතදී කෝටි 10 මුදල් සංසරණයවි ඇති බව සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ මෙම දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතය.