දෙවනගල ප්‍රදේශයේ නිවසක් නායයාමෙන් පසු තම ආදරණීයයන් අහිමිවූ වේදනාව දරා ගැනිමට නොහැකිව සුනඛයෙකු ඉදිරිපස දෑත්වලින් පස් පසුපසට අදිමින් නිවැසියන් සෙවීමට කටයුතු කරන ආකාරය බොහෝ දෙනෙකුට සංවේදි දසුනක් වුණා.
නායයාමෙන් අතුරුදන්වූවන් නිවැසියන් සෙවීමේදී ඔවුන් සිටින දිශාව හඳුනාගැනීමට මෙම සුනඛයාගේ උදව්ව අස්වැසිල්ලක් වු බව මෙහෙයුම් වලට එක්වූ යුද හමුදා නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
සුනඛයාගේ ඉඟි අනුව සුන්බුන් ඉවත්කර සොයාබැලීමේදී නිවැසියන්ගේ සිරුරු හමුවී තිබුණා.
මෙම සත්වයා එම ස්ථානයෙන් ඉවත් කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කළත්, නාය ගිය පස් අතර තම ආදරණීයයන් ජීවතුන් අතර සිටිනවා දැයි දැනගැනීමට මේ සතාට තිබී ඇත්තේ දැඩි නොඉවසිල්ලක්.
මෙම ගුණාංගයන් දුටු මෙහෙයුමට එක්ව සිටි කෑගල්ල බේරගල හමුදා කඳවුරේ සෙබළුන් විසින් රයිනි නම් සුනඛයා එදිනම කඳවුරට රැගෙන ගියේ ඔහුගේ ළඟින් සිටි ආදරණියන් අහිමි වීම හේතුවෙන්.
දැන් රයිනිගේ නිවහන යුධ හමුදා නිවහනයි. එනමුත් මෙම සත්වයාට වසරකට වැඩි කාලයක් තමා ළඟින්ම සිටි ආදරණීයයන් කිසි දිනක අමතක නොවෙනු ඇති.
කෙසේවෙතත් එම වේදනාව අමතක වන්නට රයිනිට අලුත් නිවහනේ හමුදා සෙබළුන්ගෙන් සෑම දිනකම ආදරය කරුණාව ලැබේවි.
අරණායක සාමසර කන්ද නාය ගිය අවස්ථාවේද මෙවැනි අවස්ථා කිහිපයක් දැකගැනීමට හැකිවූ අතර එම සුනඛයන් ද ඒ මහා විපතින් කම්පාවට ලක් ව ඒ මේ අත දුවමින් කෑ ගසමින් තම ආදරණියන් වෙනුවෙන් ඒ දිනවල හැඟුම්බර වී තිබුණා.
(උපුටා ගැනීම : ශ්‍රී දලඳා මාලිගාවේ මාධ්‍ය අංශය)