අවදානම් සහිත ගැබිණි මව්වරුන්ට ලබන බදාදා සිට කොවිඩ් එන්නත

June 6, 2021 at 7:57 PM

අවදානම් සහිත ගැබිණි මව්වරුන් සදහා කොරෝනා මර්ධන එන්නත ලබන බදාදා සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම අනුව එම එරන්නත්කරණයට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවූ බවයි එම විද්‍යායතනය අද නිවේදනය කර සිටියා.

ගැබිණි මව්වරුන්ට එන්නත්කරණය මසක් තුළ අවසන් කිරීමට සැලසුම්කර තිබෙනවා. මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගර්බණී මව්වරුන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සදහන් කළේ.

ගැබිණි මව්වරුන් සදහා වන එන්නත්කරණ වැඩසටහන ලබන බදාදා කොළඹ කාසල්වීදිය රෝහලෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එදින පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ ගැබිණි මව්වරුන් සදහාද කොරෝනා මර්ධන එන්නත ලබා දීම ආරම්භ කරන බවයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වැඩිදුරටත් සදහන් කළේ.