හෙට සිට තවත් විශේෂ ස්ටිකරයක් : කොළඹට එන පිරිස් වෙතත් විශේෂ දැනුම් දීමක්

June 6, 2021 at 9:11 AM

අත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කර සිටියා.

මේ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නව ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කර තිබේ. එය හෙට උදෑසන සිට ක්‍රියාත්මකවීමට නියමිතය.