ලංකා වෙරළේ කැස්බෑවුන් පස් දෙනෙකු මරුට.

June 5, 2021 at 4:20 PM

එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් පසු මේවන තෙක් මියගිය කැස්බෑවුන් පස් දෙනෙකු මෙරට බටහිර වෙරළෙන් හමුවී ඇත.

දෙහිවල ඕබන් පෙදෙස මුහුදු තීරයට අදත් මියගිය කැස්බෑවකු ගොඩ ගසා තිබියදී මෙහෙවර පොලිස් පරිසර ඒකකය විසින් සොයා ගනු ලැබිණ .

( ඡායාරූපය  අන්තර්ජාලයෙන් ලබාගත් සංරක්ෂිත එකකි)

අනතුරුව වනජීවී නිලධාරීන් විසින් මියගිය කැස්බෑවාඑම ස්ථානයෙන් රැගෙන ගියා.

පසුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එම සත්වයාගේ  මරණ පරීක්ෂණ කටයුතු සඳහා අත්තිඩිය පිහිටි වනජීවි කාර්යාලයේ පශු වෛද්‍ය ඒකකයට රැගෙන එනු ලැබුවා.

එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් භාර වන සත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතා පවසන්නේ  මේ වන විට පානදුර සිට වැල්ලවත්ත දක්වා මුහුදු තීරයේ මියගිය කැස්බෑවන් හතර දෙනෙකු හමු වූ බවයි .

ඒ අනුව මෙතෙක් මියගිය කැස්බෑවුන් ගණන පහක්.