” ගොඩක් කල් අපිට කතා කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා… මොකද මේ රටේ ඉතිහාසය ගැන දන්නවනේ. හිරගෙවල් දාහක දැම්මත්, වෙඩි පිට වෙඩි ආවත් කියන්න තියෙනවා. අපි මේ කතා කරන්නේ ඔබ වෙනුවෙන්.
මට ලොන්ඩිරිකාරයා, මාළුකරයා, නාට්ටාමි, බෝම්බයිමුටයිකාරයා කිව්වා. මම ඒ සියලු දේ පිලිගන්නවා. මේ සංචරණ සීමා පනවා තිබෙන් කාලයේ පාරේ යන්නේ නැත්තේ නැව් සහ ප්ලේන් විතරයි. මේ කාලයේ ගෙවල්වලට වෙලා ඉන්නේ මේ බොම්බයිමුටයි විකුණන, මාළු විකුණන, ලොන්ඩිරියක් විකුණන මහත්වරුන්. මේ අයට විකුණන්න තියෙන්නේ එයාලගේ දේවල් වලින් තමයි නිවසට හාල් කිලෝවක් ඇතුළු බඩු අරන් යන්නේ. මේ ගෞරවාන්විත රැකියාවන් කරන මහත්වරුන්ට මම අත්දෙකෙන් වැදලා ගරු කරනවා.
පියුමි හංසමාලිට ඒ අය මාළුකාරයෝ, නාට්ටාමියෝ, ලෝන්ඩ්රිකාරයෝ, බොම්බයිමුටයිකාරයෝ වෙන්න පුළුවන්. ඇත්තටම ඒ අය විතරයි මේ සංචරණ සීමා මැද්දේ හරියට ඉන්නේ.
මට නාටාමිකාරයා කිව්වට කමක් නැහැ.. මම කරගහන්නේ මේ රටේ ජනතාවගේ බරයි…