සංචරණ සීමාවන්ට යටත්ව ඔබ නිවසේම රැඳී සිටියහොත් ලබන 14 වැනිදායින් පසු යම් ආකාරයකට රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ හේතුවෙන් නිරෝධායන රීති ආරක්ෂා කරමින් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 975ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.
මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 22,950ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගත් 975න් පුද්ගලයින් 147ක් මාතලේ ප්‍රදේශයෙන් ද, තවත් 80 දෙනෙක් නිකවැරටිය ප්‍රදේශයෙනුත් 75 ක් මහනුවර ප්‍රදේශයෙනුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 14 කදී වාහන පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වාහන 2,941ක පැමිණි පුද්ගලයින් 5,249 ක් පරීක්ෂාවට ලක් කර ඇත.