කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති උපන්දින සාදයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනය සඳහා යොමු කිරිමේදී එම පිරිස රැගත් බස් රථය ආපසු හැරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
මෙම සිදුවීමට අදාළ පිරිස් නිරෝධායනය වෙත යොමු කිරීමෙන් පසු අදාළ පුද්ගලයින්ගේ නීතිඥවරයෙකු විසින් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සිය සේවාදායකයින් බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මුලික අවශ්‍යතා පවා නොමැති බවට දැනුම් දී තිබෙනවා.
මේ අතර අමාත්‍යවරයාට කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබාදී තමන් පියුමි හංසමාලි බවත්, තමන් ඇතුළු කණ්ඩායමක් ඇදන් සිටින ඇඳුම පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ල ප්‍රදේශයට රැගෙන් යන බවත සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන් පසුව චන්දිමාල් ජයසිංහ යන අයද අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබාදී මෙය සනාථ කර ඇත.
ඉන් අනතුරුව අමාත්‍යවරයා විසින් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දීමක් සිදුකර ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස් රථයේ සිටියදීම අදාල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස් වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුබසාධක ද්‍රව්‍ය ගෙනත් දීමට අවස්ථාවක් සලසා දීමෙන් පසු ඔවුන්ව නිරෝධායන මධස්ථානය වෙත යැවීමට පියවර ගෙනඇත.
මෙහිදී කිසිදු අවස්ථාවක බස් රථය හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස් නිරෝධායනයට ලක් නොකරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් හෝ නියෝගයක් ලබාදී නොමැත.