චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි තවත් 06ක් අත්අඩංගුවට

June 4, 2021 at 11:30 AM

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එලෙස අත්අඩංගුව ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මීට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.