අද දිනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරී ස්ථානවලට වාර්තා කරන පිරිස් සත්‍ය වශයෙන්ම එම ස්ථානවල සිටින්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඒ සඳහා විශේෂ නිලධාරී කණ්ඩායම් 6ක් අද දිනයේ දී අදාළ විමර්ශන සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
කොළඹට ඇතුළු වන ස්ථානවලදී ලබාගන්නා තොරතුරුවලට අනුව එම සොයා බැලීම් සිදු කෙරෙනු ඇති.
මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනාගැනීම වෙනුවෙන් පොලීසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද දිනයේදී ද ක්‍රියාත්මකයි.