දඹුල්ලේ එළවළු මිල පහතට

June 3, 2021 at 10:55 AM

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘත කිරීමත් සමග එළවළු මිල සැළකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. එහි වෙළඳ සංගමය ප්‍රකාශ කළේ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු රැගත් ලොරි රථ අද දිනයේ ආර්ථීක මධ්‍යස්ථානය වෙත පැමිණි බවයි.

ලීක්ස්, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 150 ත් 250 ත් අතර පැවති අතර, වම්බටු, මෑකරල්, කරවිල, පිපිඤ්ඤා වැනි පහත රට එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 100 ත් 150 ත් අතර අගයකයි.

අමු මිරිස් කිලෝවක් රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති අතර, තක්කාලි කිලෝවක් අලෙවි වුණේ 120 ත් 150 ත් අතර මිලකටයි.