අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

June 2, 2021 at 11:10 PM

තවත් සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සීමාසහිත ලංකා සතොස, සමුපකාර තොග වෙළෙද සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති, පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත.