ඇඹිලිපිටියෙන් රටටම දුන් ආදර්ශය

June 2, 2021 at 6:47 PM

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ද කොරෝනා රෝගීන් හමුවීමට පටන්ගැනීමත් සමගම එහි දිස්ත්‍රික් රෝහලට එම රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය PCR යන්ත්‍රයක් නොතිබීම විශාල ගැටලුවක් වි තිබුණා.

රජය ඊට මැදිහත්වීමට පෙර ඇඹිලිපිටියේ ප්‍රදේශවාසීන් තීරණයක් ගත්තේ තම රෝහලට අවශ්‍ය PCR යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් රැස් කරමින් වීම විශේෂත්වයක්.

ඒ සඳහා අරමුදලක් ද පිහිටුවනු ලැබු අතර රුපියල් ලක්ෂ 70ක මුදලක් ඉලක්ක කර ආරම්භ කළ අරමුදල දින හයක් තුළ අවසන් කළ අතර ඊට එකතුවූ මුදල රුපියල් කෝටිය ඉක්මවා ගියා.

එම මුදලින් මිලදීගත් PCR යන්ත්‍රය අද නිල වශයෙන් අද දිනයේදී රෝහලට බාර දෙනු ලැබුවා.

ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොවීමද, කිසිදු ආරාධිතයෙකු සහභාගී නොවිමද විශේෂත්වයක් විය.

PCR පරික්ෂණ පැවැත්වීම සඳහා නව රසායනාගාරයක්ද එම අරමුදලෙන් ඉදිකෙරෙන අකර එහි කටයුතුද මේ වනවිට අවසන් වෙමින් පවතී.

PCR යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසු ඉතිරිවන මුදලින් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍යවන උපකරණ කිහිපයක්ද මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබේ.