කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලයට අයත් භූමියක ඉදිකිරිමට යෝජනා කර තිබු ඉදිකිරීම් ව්‍යාපෘතියක් අත්හිටුවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එන්.පී.කේ. රණවිර සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය පාසලේ යහපත උදෙසා සිදුකිරිමට සුදානම් කළ බවත්, එමගින් පාසලේ අවට ඇතිවන මාර්ග තදබදයට විසඳුමක් ලබාදීම සිදුවන බවයි.
එම ව්‍යාපෘතිය අවශ්‍ය නොවන බවට පාසැලෙන් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීමක් අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය අත්හිටුවා ඇත.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශව විසින් විවේචන එල්ල කරනු ලැබුණු අතර එහි ප්‍රථිපලයක් අනුව ව්‍යාපෘතිය අත්හිටුවීමට මුලික හේතු පාදකවී තිබෙනවා.
ඩි.එස්. සේනානායක විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් පාසලට අයත් භුමියක් අත්පත් කර ගනිමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබීම ගැන ප්‍රශ්න කර සිටියා.
එම ගැසට් නිවේදනයට අනුව ව්‍යාපෘතිය දියත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පාසැලට අයත් ඉඩමේ කොටසක් සහ අවට ඉඩම් කිහිපයක් නාගරික සංවර්ධනය අධිකාරියට පවරා දීමක් සිදුකර ඇත.
වාර්තා වූ පරිදි එලෙස පවරා දෙනු ලබන ඉඩම් වල බහු මහල් වාහන නවතාලීමේ අංගනයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබුණා.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ද ඩි.එස්. සේනානායක විදුහලේ ආදී සිසුන් විසින් ප්‍රශ්න කර සිටියා.
ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් පාසලේ ආදී සිසුවෙක් වන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත ද නිවේදනයක් නිකුත් කර තිබුණා.
පාසලේ විදුහල්පති සහ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ගනු ලබන ඕනෑම තීරණයකට තමන් සහය දක්වන බවයි මන්ත්‍රීවරයා සිය නිවේදනයේ සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් පාසැල ගන්නා තීන්දුව කුමක්ද යන්න හෙළි කරන ලෙස මන්ත්‍රීවරයා විසින් පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා.