ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම පිරිස මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මාතලෙන් 160ක්, නිකවැරටියෙන් 119ක් සහ මහනුවරින් 98දෙනෙක් ලෙස නිරෝධායන නීති උල්ලංඝනය කිරීමෙන් අත්අඩංගුවට පත්ව ඇත.
මේ දක්වා අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 19,102ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ අතර යාපනය, අර්සඩි ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් වැටලීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. එහිදී සාදය පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් යාපනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතරුව ජූනි මස 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර
අත්අඩංගුවට පත්වුවන්ගේ පවුල්වල සාමාජිකයින් සියලුදෙනා නිරෝධායනයට යොමුකරන ලෙස ද අධිකරණය විසින් සෞඛ්‍ය බලධාරීන් ට උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.