සුප්‍රකට රූපලාවන්‍ය සැකසුම් ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි කොටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොළඹ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.
දැනට සිදුකර තිබෙන විමර්ශන අනුව චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
අත්අඩංගුවට ගනු ලැබූ අයවලුන්ට එරෙහිව නිරෝධායන රීති සහ ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
මෙම උපන්දින උත්සවයට 25 දෙනෙකු එක්ව ඇති බවත් ඉන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
අද දිනයේදී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය යෙදී ඇති අතර මෙම සැමරීම ඊයේ දිනයේදී කොළඹ පිහිටි තරු පහේ හෝටලයක පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.