නිරෝධායන සංචරණ නියෝග නොතකමින් අක්කරේපත්තුව සිට කොළඹ බලා මගීන් සහිතව ධාවනය කළ බස් රථයක් ඊයේ රාත්රියේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉඟිනියාගල දී ඊයේ රාත්‍රී 11.00 ට පමණ අත්අඩංගුවට ගත් මෙම බස් රථයේ මගීන් 48 දෙනෙකු සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ද ඇතුළුව අත්අඩංගුවට ගත් මගීන් සියලු දෙනා අද අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටින්නේ, සංචරණ සීමා ක්‍රියාත්මක වන මෙම කාලය තුළ පොදු ප්‍රවාහන ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.